මම මේකෙ කමෙන්ට් එක නිර්නාමිකව පල කරනවා. යම් කිසි හේතුවක් මත. ඉදිරියටත් වටිනා යැයි හැගෙන ලිපියකින් හම්බෙන්න. මේකෙ සමහර කමඑන්ට් තිබ්බා මහසෝන ගැන. මිනිසුන් අතරෙ හුගක් වැරදි මතයක් ගොඩනගලා තීනවා මේ මහසෝනා ගැන.ඇත්තටම මහසෝනා එහෙම ගහන්නෙ නෑ. හන්දියක් හන්දියක් ගානෙ මෝහිනී ඉන්නව කිව්වට ඒකත් වැරදි. ඒ ගැන පස්සෙ ලියන්නම්.මහා සෝන, නැත්තම් මහසෝනා ගැන ඉතිහාසය රාවණා මහ රජ්ජුරුවන්ගෙ කාලය දක්වාම යන කතාවක්. මකර සෙන්පතිතුමාගේ පුතාගෙ නම සෝණ . සෝණ කුමාරයා යුද්ධයට අතිදක්ශ රණකාමියෙක්. මේඝනාදකුමාරයා සමග එකතුව ඔහු විශාල යුද්ධ කලා. හෙල සටන් ක්‍රම අංගම්පොර හොදටම ප්‍රගුන කල කෙනෙක්. මේඝනාදගෙන් පස්සෙ ඉදපු සෙන්පති.සෝණ කුමාරයා බෙල්ල කපාගෙන කියනවා මම ගෙල කපාගෙන මගෙ සේනාවට ආරූඪ වී සතුරන් පෙතිගසමි කියල එහෙම සේනාවට ආරූඪ වෙලා යුද්දෙ දිනනවා. සෝණ කුමාරයට ගෞරව පිණිසයි මහා සෝණා කියන්නෙ. මෙයා අපෙ රට විනාශ කරන්න එන අයට ගහනවා කොච්චරවත්. ඒ බයට තමා වෙන රටවල අය අපේ ඔලුවට දැම්මෙ මහසෝණා මෙහෙම කෙනෙක් අහිංසක මිනිස්සු බය කරන පලිගන්න නරක කෙනෙක් කියලා. පස්සෙ ඉන්දියාවෙන් ආපු ඍශිවරු 9 ගෙන්නලා තමා මහසෝණ් අප්පච්ව්හි දමනය කරන්නෙ. බන්දනය කරන්නෙ.එහෙම බන්දනය කල පොත් මෙහෙ වයසක සීයා කෙනෙක්ගාව තීලා තීනවා . ඒ සීයගෙ මුණුබුරා තමා ජයසේන. ජයසේන සාමාන්‍ය කොල්ලා කාලෙදි සීයා කියනවා "මම දැං මහලුයි එ නිසා පුතේ මේ පොත් කාටවත් අහු වෙන්නෙ නැතුව මේ පොත් අරං ගිහින් නිධන් කරපන් රිටිගල කන්දෙ" කියලා. මෙයා යන ගමන් කැලෙදි බලල මේ පොත් වල තීන දේ.එ කියවිලා තීන්නෙ මහසෝණ් දිශ්ඨිය.එතකොට එයාගාවට මෙ මහසෝණ් දිශ්ඨිය ඇවිත් ඉවරයි.එතකොට එයාට ආරූඨ වෙලා අංගම්පොර සටන් ශිල්ප පුහුනු කරවලා. පස්සෙ තමා ජයසේන සෙන්පති බාහු වලින් ගහලා තල් ගස් පොල් ගස් එහෙම ගලවලා තීනවා . එයා තම ජයසෝණා වෙන්නෙ. විජිතපුර සටනෙදි ලොකු වැඩ කොටසල් මෙයා කලා. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ. මහසොණ් අප්පච්ව්හි ජයසේනට ආරූඪ වෙලා තමා මෙහෙට රිටිගල පැත්තෙ ඉන්නෙ. පස්සෙ ගැමුණු රජ්ජුරුවන්ට නොකියා ගෝටයිම්භර යෝදයගෙ ගෙදර සාදයකට ජයසොහොන් සෙන්පති යන්නෙ. මෙතනදි තමා ලොකුම අසාදාරණය වෙන්නෙ.මෙතනදි කියනව ජයසෝණා හෝඨයිම්භරගෙ බිරිදට උසුලු විසුලු කලා කියලා. ඒ උනාට ඇත්තටම එහෙම කරලා නෑ. නමුත් ගෝඨයිම්භර මේක පිලිගන්න්‍ර් නෑ. ඒකයුද්දෙකට යනවා. ඒ දෙන්නා අතර යුද්දයක්.හෙළයො කවදත් සටන් ශිල්පයකදි හිස බාගෙට නවලා තමා ආචාර කරන්නෙ.අන්න එහෙම ආචාර කරද්දි තමා ගෝඨයිම්භර හොර කරලා ජයසොහොණට බෙල්ලට ගැලවිලා යන්න ගහන්නෙ. ප්ස්සෙ ගැමුණු රජ්ජුරුවන්ට මේක ආරංව්ජි වෙනවා යුධ නීති උල්ලංගනය කරලා දින්නෙ කියන එක. පස්සෙ රජ්ජුරුවෝ ගෝඨයිම්භරට මාලිගයට පැමිනිම පවා තහනම් කරනවා. මහසෝණ් අප්පච්චි, ජයසොහොණ් අප්පව්හ්ව්හිකියන්නෙ දැක්ක ගමන් මිනිස්සුන්ගෙ බෙල්ල කඩං යන ලේ බොන එහෙම අය නෙමෙයි.මෙයාලා බෝධිසත්වයො වගෙ අය. හෙළය රකින අය ,බුදු සසුන රකින අය මේ ගොල්ලො. LTTE යුද කාලෙ පවා තිබා මහසොහොන් බල ඇනිය. මේ රටට ඒ නම නැතුවම බෑ.

Comments

Popular posts from this blog

හොල්මන් පවුල

අඹගල කොටුව