හාවෙක් පනින එකක් නං අහල නැහැ.. ඒත් ඔය මාළු ගැන නං මෙ ලගදි කතාවක් ඇහුව ...
අපේ තාත්ත කිව්වෙ අම්මට මෙක 😊
තාත්තගෙ යාලුවො දෙන්නෙක් ගාල්ලෙ පැත්තෙ නැවතිලා වැඩ කරාලු .. රෑ වරුවට free නිසා එයාල කොහෙද ගගකට ගිහින්ලු මාළු අල්ලන්න .( මට ගගේ නම මතක නැහ්හැ)
යිතින් ඔහොම 2 ක් තමා ගිහින් තියෙන්නෙ බිලී පිත්තෙං මාලු අල්ල අල්ල යිද්දි එකෙක් වත් අහු වෙන්නෙම නැල්ලු ..බිලී පිත්ත දාගෙන සැහෙන වෙලා යිදල තියෙනො ..මෙක හරි යන්නැ බං කියල දමල ගහල එන්න හදද්දි ඔන්න එක්කෙනෙක්ට මාළු අහු වෙන්න ගත්තලු ....
පස්සෙ ඔහොම ටික වෙලාවක් අල්ල අල්ල යිද්දි .. ඇතින් තවත් කව්දෝ මාලු අල්ලන ගමං යිදියලු .. ඒත් මෙයාල වැඩිය ගනං අරගෙන නැහැ .. මොකද කවුරු උනත් යිතින් මාළු අල්ලනවනෙ ... පස්සෙ දැං මෙයාලට ගොඩක් මාලු අහු වෙනවලු .. අර ඈතින් මාලු අල්ලන මනුස්සය ටික ටික මෙයාලගෙ පැත්තට ලං වෙනවලු..... දැං මෙයාලට මාලු ඇති නිසා මෙයාල එන්න ආවලු නවාතනට .... එනකොටම ඒක බලාගන්න මනුස්සය ඇහුවලු මෙච්චර ක් රැ වෙනකං කොහෙද මහත්තයල ගියෙ කියල .. පස්සෙ කිව්වලු අපි මෙ මාලු ටිකක් අල්ලන්න ගියා .. කියල ....
😕😕😕😕😕😕
එතකොට ඇහුවලු ඔතන දිගට සුදු සරමක් ඇදගෙන කර උඩට shirt එකක් දාගෙන තව කව්රුත් හරි මාලු ඇල්ලනො එහෙම දැක්කද කියල .. පස්සෙ ඔව් කිව්වලු *******
මහත්තයා කරුනාකරල ඔය ගෙනාපු මාලු කන්නෙපා පුලුවං තරං යික්මනින් ඔය ටික ඈතකට ගෙනිහින් විසික් කරන්න කිව්වලු .. ඇයි අහද්දි .. ඔය කෙනා ටික ටික ලං වෙනව වගෙ පෙනුන්නැද්ද ඇහුවලු .. ඒක ගානක් නැති උනාට එ මිනිහ ටික ටික ඔය මහත්තයල ගාවට ලං වෙනව නේද ඇහුවලු ..
අර අල්ලපු මාලු ඔක්කොම විසික් කරාලු පස්සෙ
උදෙ දෙන්නටම උනත් හැදිලලු
මං ඕක අහං යිදිය .. එ කතාව ට නං ඇත්තට යිතින් හිත ටිකක් ගැස්සෙනව .. මොනා උනත් රෑට මාලු අල්ලද්දි ඕවගෙ දේවල් සාමාන්‍ය යි .. එ හොල්මං කියන දෙ නං නෙවෙ .. මං හොල්මං විශ්වාස කරන්නෙත් නැ
එත් එ තැංවල අපි පියවි ලෝකෙට නොදකින මොනාහරි දේවල් තියෙනව ඇති .. 🥰
හොල්මන් පවුල
👻 හොල්මන් පවුල අපේ අයියා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ. අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා. පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයියා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි. ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ. අපේ ඒකා ඒක නොදැන සෑහෙන ...
Comments
Post a Comment