බෙල්ලේ වැලලාගත් සෙවණැල්ල (ඇඟ කිලිපොලා යන කටුක විස්තරය)😱
නිහඬ සෙවණට ආ අලුත් බිල්ල
මචන්, මේ කතාව පටන් ගන්නෙම ඇඟේ මස්පිඬු හිරිවැටෙන විදිහට. තත්සරණි කියන කැම්පස් යන කෙල්ල ගෙට කකුල තියපු වෙලාවේ ඉඳලා එයාට දැනුණේ සාමාන්‍ය නැති සීතලක්. ඒක හරියට, අවුරුදු ගාණක් පරණ වෙච්ච මිනී පෙට්ටියක් ඇතුළට ගියා වගේ සීතලක්. 'නිහඬ සෙවණ' කියන්නේ නගරේ තිබුණ පරණම බෝඩිම. හැමදේම දිරාපත් වෙලා, අමුතු මළානික ගතියක් හැමවෙලේම තිබුණා.
බෝඩිමේ හිටපු අනිත් කෙල්ලෝ තත්සරණි දිහා බැලුවේ හරියට අලුතෙන් බිල්ලක් ආවා වගේ බැල්මකින්. ඒ ඇස්වල තිබුණේ බයක් නෙවෙයි, හරියට මරණය දැකපු ගතියක්.
"මෙතන තියෙන... මළානිකකම අමුතුයි නේද නෝනා?" බෝඩිමේ නැන්දා තත්සරණිව එයාගේ කාමරේට එක්කගෙන යද්දි, කටහඬ පුළුවන් තරම් පල්ලෙහාට දාලා කිව්වා. නැන්දාගේ වචනවලත් තිබුණේ අර බිහිසුණු සීතලමයි.
"මේ කාමරේ... හරියටම ඔය දොර තියෙන කාමරේ... අවුරුද්දකට කලින් කෙල්ලෙක් හිටියා. නමින් විහඟි," නැන්දා එහෙම කිව්වේ තත්සරණිගේ ඇඟට තුහින වතුර බාල්දියක් වක් කළා වගේ. "ඒ කෙල්ල මෙතනදිමයි... බෙල්ලේ වැලලාගෙන මැරුණේ. හේතුවක් කවුරුත් දන්නෙ නෑ."
නැන්දා ගියාට පස්සේ තත්සරණි හිත හදාගන්න හැදුවා. "පිස්සු කතා!" කියලා. ඒත් ඇත්තටම කිව්වොත්, ඇගේ කාමරේ දොර දිහා බලන හැමවෙලේම, යම් කිසි කෙනෙක් එයා දිහාම ඔරවගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනුණා.
දවස් ගාණක් ගියා. හැමදාම රෑ දහයෙන් පස්සේ බෝඩිම සීතල මළගෙයක් වගේ නිශ්චල වෙනවා.
දවසක් රෑ, පාන්දර එකට විතර, තත්සරණිට ඇහැරුණේ අර අමුතුම සද්දෙට. හරියට කවුරුහරි දොර ළඟ බිම දිගේ මොකක්දෝ පිළුණු දෙයක් ඇදගෙන යනවා වගේ ශබ්දයක්. ඒක ඇදෙන්නේ හරියට මිනියක් වගේ.
ඇය හිමින් ඇඳෙන් බැස්සා. දොර ළඟට ගිහින් බිම බැලුවා. දොරයි, බිමයි අතරේ තිබුණ පුංචිම හිඩැසෙන්... කළු පාට මොකක්දෝ දිලිසෙන දෙයක් කාමරේ ඇතුළට රිංගනවා පෙනුණා.
තත්සරණිට හුස්ම හිරවුණා. මොකක්ද ඒ? එයා තවත් හොඳට බැලුවා. මචන්, ඒ තිබුණේ කෙස්! දිග, අමුතු තෙත ගතියක් තියෙන කළු පාට, අවුල් වූ කෙස් රොදක් හිමින් හිමින් කාමරය ඇතුළට රිංගලා, කාමරේ ලී බිම දිගේ ඇදෙනවා. ඒක හරියට ගේ ඇතුළට ආපු අඳුරු, තෙත් කඹයක් වගේ.
එයා හුස්ම අල්ලාගෙන, ඇස් ලොකු කරගෙන බලන් හිටියා. විනාඩි දෙක තුනක් යන්න ඇති... හරිම හෙමින් ඒ කෙස් රොද ආපහු දොර යටින් එළියට ඇදී ගියා. ඒ වෙලාවේ, තත්සරණිගේ ඇඟ කිලිපොලා ගිහින් හමාරයි. 'මේක සිහිනයක් නෙවෙයි, මේක මරණය!' කියලා එයාට තේරුණා.
ඊළඟ දවස්වල සද්දේ ආවේ නාන කාමර පැත්තෙන්.
රෑට පාඩම් කරද්දි, තත්සරණිට ඇහුණා කවුරුහරි වේදනාවෙන් විලාප දෙන හඬක්. ඒ හඬ එන්නේ නාන කාමරය පැත්තෙන්. ඒක දුකක් නෙවෙයි මචන්, හරියට දරාගන්න බැරි වේදනාවකින් කෑ ගහනවා වගේ. ඒ හඬ ඇහෙද්දි එයාගේ ඇඟ සීතල වෙලා, අමුතු අප්‍රසන්න ගතියක් දැනෙනවා.
"ආයෙත් පටන් ගත්තා! තත්සරණි, ගණන් ගන්න එපා. හැමදාම රෑට ඕක වෙනවා." අල්ලපු කාමරේ හිටපු ශෙහාරා බිත්තියට තට්ටු කරලා කෑ ගැහුවා. හැමෝම දන්නවා, ඒත් හැමෝම බයයි.
තත්සරණි බයෙන් ගැහෙමින්, බෝඩිමේ පරණම කෙල්ලගෙන් අහගත්තා... විහඟිගේ කතාව.
"විහඟිට කොල්ලෙක් හිටියා... ඌ එයාට කිව්වලු, 'තමුසෙට මේ ලෝකේ කිසිම නිදහසක් නෑ, මරණයෙන් පස්සෙවත් නිදහසක් දෙන්නෙ නෑ' කියලා. ඒක දරාගන්න බැරුව තමයි එයා වැලලාගත්තේ. අන්න එදා ඉඳලා තමයි මේ සෙල්ලම පටන් ගත්තේ."
එදා රෑ තත්සරණි ඇඳට ගියේ කඳුළුත් එක්ක. එයාට නින්දක් නෑ. බය ඇගේ හදවතේ තදින්ම කාවැදිලා.
හදිස්සියේම කාමරේ අවට තියෙන සීතල දස ගුණයකින් වැඩි වුණා. එළියේ සුළඟක්වත් නෑ. තත්සරණි හිමින් හිමින් ඇස් ඇරලා බැලුවා.
ඇගේ ඇඳ පාමුල... ඌ හිටගෙන ඉන්නවා!
ඒක හරියට කළු දුමාරයකින් හැදූ ගැහැනියකගේ රුවක්.
ඇගේ කළු, අපිරිසිදු, අවුල් වූ කෙස් ගොඩක් මුහුණ වහගෙන තිබුණා. ඒ කෙස්වලින් ජරාව ගලනවා වගේ දැනුණා.
ඇය හිටියේ බිම අල්ලන්නේ නැතුව අඩි භාගයක් විතර උඩින් පාවෙමින්. හරියට කඹේ එල්ලෙමින් හිටියා වගේ.
ඒ රූපයෙන් ආවේ කහින ලද මළකුණක පිළුණු ගන්ධයක්! ඒ ගඳට තත්සරණිගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුණා.
තත්සරණිට කෑගැසීමටවත්, හුස්ම ගැනීමටවත් නොහැකි විය. ඇගේ හදවත පපුවෙන් එළියට පනින්න වගේ ගැහුණා.
අවතාරේ හෙමින් හිස එසෙව්වා.
කෙස් රොද යටින් පෙනුනේ සුදුමැලි වෙච්ච මළමුහුණක්. ඇස් තිබුණු තැන්වල තිබුණේ කළු පාට, හිස් කුහර දෙකක් විතරයි. හැබැයි, ඒ හැමදේටම වඩා බිහිසුණුම දේ තමයි... ඇගේ බෙල්ල වටා තිබුණු ගැඹුරු, තද රතු, නිල් පැහැති කඹයක සලකුණ. ඒක බෙල්ලේ සම ඇතුළටම කිඳා බැහැලා, විවෘත තුවාලයක් වගේ පෙනුණා. ඒක හරියට එයා තාමත් වැලලාගෙන ඉන්නවා වගේ!
ඒ විහඟිය!
විහඟිගේ වියළි තොල් දෙක ඇරිලා ගියා. එතැනින් ආවේ හඬක් නෙවෙයි. ඒක කෙඳිරියක්, සුළඟක මිමිණීමක්: "මට යන්න බෑ..."
ඊළඟට වුණේ හොඳටම බිහිසුණුම දේ.
විහඟි ක්ෂණයකින් තත්සරණිගේ ඇඳ උඩට පැනලා, එයාගේ නියපොතු වගේ දිගු දෑත් උගුර දිහාවට දිගු කළා. ඒත් ඊට කලින්... විහඟිගේ දිගු, අඳුරු කෙස් රොද තත්සරණිගේ බෙල්ල වටේට වේගෙන් එතුණා. හරියට කලින් එයාගේ බෙල්ල තද කරපු මරණ කඹය වගේ.
"තමුසෙ මගේ තැන ගත්තා! දැන් මම ඔයාටත් දෙන්නම් මගේ බිහිසුණු වහල්කම!" විහඟිගේ ශබ්දය තත්සරණිගේ කන් විදගෙන ගියා.
තත්සරණි දඟලන්න ගත්තා. ගෙල වටා එතෙන කඹයක වේදනාවමයි ඇයට දැනුණේ. හුස්ම ටික ටික නැති වෙද්දි, ඇගේ දෑස්වල තිබුණේ උමතු බයක්. ඇය අවසන් හුස්ම පොදත් එක්ක ඇස් පියාගත්තා.
6 කොටස: බෝඩිමේ ශාපය
පසුදා උදේ බෝඩිමේ නැන්දා තත්සරණිගේ කාමරේ දොර ඇරලා බැලුවේ ඇඟ සීතල වෙලා.
තත්සරණි ඇඳේ වැටිලා හිටියේ අළු පාට මළකඳක් වගේ. එයාගේ බෙල්ල වටේට තදින්ම එතී, සම ඇතුළටම කිඳා බැහැලා තිබුණ කළු කෙස් රොදක් තිබුණා. ඒක හරියට ගෙල වැලලාගත් කෙනෙක්ගේ බෙල්ලේ ඇතිවන මරණ සලකුණ වගේ.
බෝඩිමේ නැන්දා 'නිහඬ සෙවණ' දොරවල් සදහටම වහලා දැම්මා.
ඒත්... රාත්‍රියේ... අඳුරු බෝඩිමේ පියගැටපෙළ නැවතත් අවතාරයක හුස්ම ගන්නවා. තත්සරණිගේ කාමරේ දොර යටින් තවත් දිගු, තෙත් කළු කෙස් රොදක් එළියට රිංගලා, බිම දිගේ ඇදෙන්න ගත්තා.
මොකද මේ බෝඩිම හැමදාම බලාගෙන හිටියේ... විහඟිගේ වහල්කම භාරගන්න... තවත් අලුත් 'සෙවණැල්ලක්' එනකම්!
(-ඔයා හොල්මන් කතා කියවනවනම් page එක follow කරන්න -)
🖊️ටොලමි
හොල්මන් පවුල
👻 හොල්මන් පවුල අපේ අයියා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ. අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා. පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයියා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි. ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ. අපේ ඒකා ඒක නොදැන සෑහෙන ...

Comments
Post a Comment