Posts

Showing posts from April, 2025
Image
෴ ලේ සුවද ෴ 🧛‍♂️🩸 ➺➺➺➺➺➺➺➺➺➺➺➺➺ ❰ ❝ 01කොටස ❞ ❱ අළු පැහැති සන්ධ්‍යා අහස යට නිහඩ නිස්කලංක මන්දිරයේ දොරටු හඬ නඟා විවෘත වුනා.. මේ සන්ද්‍යාවේ නෝරා නම් තරුණ යුවතිය මේ මනෝරම්‍ය මංදිරයේ පදිංචියට ආවා.. මංදිරය එතරම් පැරණි බවක් පෙනෙන්නට තිබුනේ නැ. වටපිටාව ඉතා අලංකාරයි. නමුත් කිසිම ශබ්දයක් නෑ.මේ තැන ඕනාවටත් වඩා නිශ්ශබ්දයි කියලා නෝරාට හිතුනා. නෝරා රාත්‍රිය වන විට මේ මංදිරයේ කොනේම තිබුනු කාමරය නිදා ගැනීමට තෝරා ගත්තා., වසර ගණනාවක් තිස්සේ විවෘත කර නොතිබුනු කාමරයක්. රාත්‍රිය ගෙවී ගියා... නෝරා උදෑසන අවදි වන විට, ඇයට රාත්‍රියේ පෙනුනු සම්පූර්ණයෙන්ම මතක නැති අමුතුම ආකාරයේ සිහින ඇගේ හිත කලබල කලා.. කන්නාඩිය ඉදිරියට ගිය නෝරාට ඇගේ බෙල්ලේ, සිහින් රතු පැහැ ලපයක් දැක ගන්නට ලැබුනා..හරියට සපාකෑමක් වගේ සලකුනක්.. ඒක කලින් දවසේ තිබුණේ නැහැ කියලා ඇයට හොදටම විශ්වාසයි.. ඒත්, එක්කම ඇගේ අස්ථි පවා විනිවිද යන ගැඹුරු සීතලක් දැනෙන්නට පටන් ගත්තා.. " මං ආවේ ඔයාව බලන්න..." එක වරම ඇගේ කනට කවුරුන් හෝ හරිම හෙමින් කොදුරන හඩක් ඇසුනා.. ඉන් පසු කාමරය නැවතත් නිහඩ වුනා......................................
Image
ඇමිටිවිල් භීෂණ මන්දිරය: ලේ වැගිරුණු අතීතයකින් ඇරඹුණු නොනිමි අද්භූත අභිරහස නිව්යෝර්ක් නගරයට ආසන්නයේ පිහිටි ඇමිටිවිල් හි 108 ඕෂන් ඇවනියු (මුල් ලිපිනය වූ 112 ඕෂන් ඇවනියු) නම් නිවස, එහි අඳුරු අතීතය සහ එහි වාසය කළ පවුල් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් හේතුවෙන් ලෝකයේ වඩාත්ම කුප්‍රකට "හොල්මන්" නිවහනක් (haunted house)ලෙස සැලකේ. 1925 දී ජෝන් මොයිනහන් සහ කැතරින් මොයිනහන් විසින් ඩච් කොලොනියල් විලාසිතාවෙන් ඉදිකරන ලද තට්ටු තුනකින් යුත් මෙම මන්දිරය, නිදන කාමර පහක්, නාන කාමර හතරක් සහ බෝට්ටු ගබඩාවකින් සමන්විත විය. එහෙත්, මෙම සුන්දර නිවස 1974 නොවැම්බර් 13 වැනිදා ලේ වලින් තෙත් වූයේ රොනල්ඩ් "බච්" ඩෙෆියෝ ජූනියර් නම් තරුණයා විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමත් සමඟය. වයස අවුරුදු 23ක් වූ රොනල්ඩ් "බච්" ඩෙෆියෝ ජූනියර් කැලිබර් 35 රයිෆලයකින් තම පියා වූ රොනල්ඩ් ඩෙෆියෝ සීනියර් (වයස 43), මව වූ ලුවීස් ඩෙෆියෝ (වයස 42) සහ ඔහුගේ සහෝදර සහෝදරියන් වන ඩෝන් ඩෙෆියෝ (වයස 18), ඇලිසන් ඩෙෆියෝ (වයස 13), මාර්ක් ඩෙෆියෝ (වයස 12) සහ ජෝන් මැතිව් ඩෙෆියෝ (වයස 9) යන සියල්ලන්ම ඝාතන...
Image
හත් කුළුඳුල් පා පහර........ ලක්දිව විසූ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000ක විතර ලොකු පොල් වත්තක් තිබිලා තියෙනවා පිළියන්දල පොල්ගස් ඕවිට කියන ප්‍රදේශයේ. ඔය පිළියන්දල කියන නම හැදිලා තියෙන්නේත්... පිළි = පීළිවලින් යන් = යන ද = දඬුමොණර ල = ලන්ද කියන වචන එකතුවෙන්. නමේ තේරුම හැටියට පොල්ගස් ඕවිටින් කඩන පොල් ප්‍රවාහනය කිරීමට පිළියන්දල සිට දඬුමොණර කෝච්චි සේවයක් තිබිලා තියෙනවා. ඔන්න එක කාලෙක පොල්ගස් ඕවිට පොල් වත්තේ පරන ගස් ඔක්කොම කපලා අලුත් පැළ හිටවලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒවායේ ගෙඩි හැදිලා නෑ. ගෙඩි හැදෙන්නේ නැති ගස් වලට තුන් කුළුඳුළ් කන්‍යාවියක් ලව්වා පයින් ගැස්සුවාම ඒවායේ ගෙඩි හැදෙනවා කියල විස්වාසයක් තියෙනවා. ඉතිං තුන් කුළුඳුල් කන්‍යාවියන් කීප දෙනෙක්ම ලව්වා වරින් වර ඒ ගස් වලට පයින් ගැස්සුවත් ඒවයේ ගෙඩි පීදිලා නෑ. වැඩේ බරපතලයි කියලා හිතුන රාවණ රජ්ජුරුවන්ට තුන් කුළුඳුළේ මදි කියල හිතුන නිසා හත් කුළුඳුල් කන්‍යාවියක්ව හොයන්න උත්සහ කලත් හත් කුළුඳුල් කන්‍යාවියක් හොයාගන්න බැරි වෙනවා...... ශ්‍රී රාවණ රජතුමාට ජාන පිටපත් කිරීමේ තාක්ෂණය තිබුණ බව සෑම හෙළ ඉතිහාසඥයෙක්ම හොඳින් දන්නා සත්‍යයක්. ඒ වගේම ක්ලෝනින් (C...
මේක මට වුන සත්‍ය සිදුවීමක්.මේ කතාවෙ තියෙන අත්භූත කම නිසාම මට ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.2010 විතර ඒ ලෙවල් කරලා ඉවර වෙලා ටික කාලයක් නිවාඩු පාඩුවෙ ඉන්න ලැබෙනවානෙ.ඔහොම ඉද්දි මට හිතුනා භාවනාව ඉගෙනගෙන ප්‍රගුණ කරන්න.ඕකට මගක් හොය හොය ඉද්දි මාතලේ දුම්බර පැත්තෙ ඉන්න මගේ යාලුවෙක් (අපි එයාට අමිල කියමුකො) කතා කලා,දුම්බර කැලේ ආරණ්‍ය සේනාසනයක භාවනා වැඩසටහනකට සහභාගි වෙන්න.ඔන්න මමත් එක පයින්ම බයික් එකේ නැගලා දවසකට පස්සෙ එතනට ගියා,යාලුවගෙ ගෙවල් තියෙන්නෙ තෙල්ගමුව නදිය කිට්ටුව.හරි ලස්සන පැත්ත. ඔන්න අපි සතියක් විතර භාවනා වැඩසටහන් වලට සහභාගි වෙලා ටිකක් ඒක ප්‍රගුණ කලා,දැන් මට කන්න ඕනත් නෑ,වෙලාව යනවා දැනෙන්නෙත් නෑ,භාවනාවෙන්ම තමා දවස ගෙවෙන්නෙ.මට දවසක් හිතුනා කැලෙන් පල්ලෙහාට බැහැලා ගමේ ටිකක් ඇවිදින්න,ඔය අමිලගෙ ගෙවල් පහලින් තිබුනා කටුමැටි ගහපු ලස්සන ගෙයක්,ඕකෙ හිටියා වයස අවුරුදු 18 ක විතර ලස්සන පොඩි කෙල්ලෙක් (දැනට අපි එයාට හන්සනී කියමුකො ).ලස්සන හිනාවක් දාගෙන හරිම ප්‍රියමනාප විදියට කතාකරන හන්සනී එක්ක ගමේම අය හරි යාලුයි.එයා හැමදාම තෙල්ගමු ඔයට නාන්න යනවා හවස් වෙලා,ඔය වෙලාවට මමත් එක දවසක් ගියා,අපි දෙන්නා එහෙම ටිකක...
Image
හොල්මන් පේන්නෙ ඇයි...? පැරීඩෝලියාව කියන්නේ හරිම අපූරු මානසික සංසිද්ධියක්. මේකෙදි වෙන්නේ මොකක්ද දන්නවද? අපේ මොළය අහඹු රටාවන් දිහා බලලා, ඒවගෙන් හුරුපුරුදු දේවල්වල හැඩතල දකිනවා. හරියට වලාකුළක මූණක් පේනවා වගේ, නැත්නම් සඳ මතුපිට රූපයක් පේනවා වගේ, එහෙමත් නැත්නම් බිත්තියක තියෙන පැල්ලමක මූණක් පේනවා වගේ. ඇත්තටම අපේ මොළය හැදිලා තියෙන්නේ රටාවන් හොයන්නමයි. විශේෂයෙන්ම මූහුණු හඳුනාගන්න එක අපේ පැවැත්මට ගොඩක් වැදගත් නිසා. මිනිස්සු විකාශනය වෙලා තියෙන්නේ පරිසරයේ තියෙන මූහුණු සහ අනෙකුත් වැදගත් දේවල් ඉක්මනින් හඳුනාගන්න පුළුවන් විදිහට. උදාහරණයක් විදිහට, දඩයක්කාරයෙක්ගේ හැඩය හරි වෙනත් අනතුරුදායක දෙයක් හරි ඉක්මනින් දැකගන්න මේ හැකියාව අපේ මුතුන්මිත්තන්ට උදව් වෙන්න ඇති. ඒ නිසා තමයි අපි වලාකුළු දිහා හරි ගල් පර්වත දිහා හරි බලද්දි මූණු වගේ හැඩතල දකින්නේ. ඒ අපේ මොළය නිතරම මොකක් හරි තේරුමක් තියෙන දෙයක් හොයන නිසයි, ඇත්තටම එහෙම දෙයක් නැති වුණත්. පැරීඩෝලියාව සාමාන්‍යයෙන් හානිකර නැති වුණත්, සමහර වෙලාවට ඒක ටිකක් තද බල වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, සමහර අය බඩු බාහිරාදිය දිහා බලලා මූණු හරි රූප හරි දැකලා, ඒක අද්භූත දෙය...
නර බිල්ල 👻 නර බිල්ල ☠🖤 සුසිල්ට සර්පයා මුනගැහෙන්නෙ බේරැවල මාළු අල්ලන රස්සාවට මූදු යන කාලේ. සර්පයා කියල නම සපරමාදුට පටබැදෙන්නෙත් ඔය කාලෙදිමයි. මොකද මාළු මුදලාලිලත් එක්කයි බෝට්ටු අයිතිකාරයොත් එක්කයි හරි හරියට රණ්ඩු වෙන්නයි වාඩුව ගන්නයි සපරමාදු කරපු වැඩනිසා තමයි සර්පයා කියල හැමෝම මිනිහව හැදුන්නුවේ. සුසිල් තමයි සර්පයගේ දැන් කාලේ විදියට කියනවනං බොක්කෙ ෆිට් එක. ඔනම වලියකට සුසිලුත් එවරෙඩි.දෙන්නටම මේ රස්සාව එපා වෙලා තිබුනේ. විශේෂයෙන් සුසිල්ට. මොකද සුසිල්ට හිතගිය තරුණියක් හිටිය කෙල්ලගෙ නම නිමාලි. නිමාලිගේ ගෙවල් තිබුනේ ගාල්ලෙ. නිමාලිගේ දෙමාපියන් ගුරුවරු. ඒ නිසා නිමාලි කිව්වෙ බෝට්ටු රස්සාව නවත්තල වෙන මොනවම හරි කරන්න කියල. සුසිලුත් නිමාලිට ආදරේ කලේ බොක්කෙන්මයි. ඉතිං දවසක් සර්පයා එක්ක මාළු වාඩියේ නිදහසේ රා වඩියක් රස බලන ගමන් දෙන්න දෙන්නගේ අනාගතේ ගැන කතාවට වැටුනා. “සර්පයා මටනං මේ රස්සාව දැන් එපාවෙලා තියෙන්නෙ. මම අද හෙටම ගමේ ගිහිං හේනක් කරන්න තමයි හිතං ඉන්නෙ. “ සුසිල් රා පදම ගානට දැනීගෙන එන වෙලාවේ සර්පයට කිව්වෙ ඔරු කඳෙන් වැල්ලට පනින ගමන්මයි. “ඇයි උබේ මාමණ්ඩියි නැන්දමයි දුවව දෙන්න බෑ කියනවද...
Image
පසුගිය මාසේ කරපු කටයුත්තක් සම්බන්ධව සත්‍ය සිදුවිමක්.. කුරුණෑගල ප්‍රදේශයේ සිටි පවුලකට සිදුඋන කරදර ගොඩක් තිබුණා..නමුත් ඔවුන් කවුද කියලවත් මං දන්නෙත් නෑ ඔවුන් දන්නෙත් නෑ..කොම හරි එයාලා ගොඩක් අසරණ දුප්පත් පවුලක්.. ඉන්න ගෙයක් දොරවක් හරි හැටි නැති පුංචි අත දරුවෙක් ඉන්න කපල් එකක් ගැනයි මේ කියන්න යන්නෙ...කොල්ලාත් කෙල්ලත් හරිම ලස්සන කපල් එකක්.චුටි කෙලි පැටියෙක් ඉදියා.. ඉතිං මෙයාලා මේ සාස්ත්‍රයන් විශ්වාස කරනවද නැද්ද කියලා මම දන්නෙත් නෑ.. නමුත් කාලයක්ම එයාව ම මම විඩියො වලින් දැක්කා..පස්සෙ මට හිතුණා කථා කරලා බලන්න ටිකක්..මොකද එයාලාට මොකක්ම හරි අවුලක් තියෙනවා කියලා පෙනුනා..ඇත්තටම උඩින් මිනිස්සූ සතුටින් ඉදියට හිත යටින් පුදුම ප්‍රශ්න කන්දකට යට වෙලා ඉන්නෙ කියලා එදත් මට තෙරුම් ගියා... එයාළා දෙන්නා කසාද බැදලා ආවාට පස්සෙ කොල්ලාගෙ අම්මාගෙ මල්ලිගෙ වයිෆ් මේ කෙල්ල පස්සෙන් ඇවිත් යාළු වෙන්න අහලා..ඇත්තටම කෙල්ල ගැන කිව්වොත් එයාගෙ එක කකුලක් නෑ..කකුලක් දලා තමයි ඇවිදින්නෙ කරන්නෙ. එත් කෙල්ල ගොඩක් හැඩයි හුරු බුහුටි චුටි කෙල්ලක් අවුරුදු 18ක..නමුත් එයාලා හස්බන්ඩ් & වයිෆ් උනත් එ අතරට අර නැන්දා කෙල්ලට අයුතු යෝජනා ග...
Image
ඈන්ලිස් මිෂෙල්: සත්‍යයෙන්ම සිදු වූ භයංකර සිදුවීමක් ද? ජර්මනියේ නිහඬ බවාරියානු ගම්මානයක, 1952 සැප්තැම්බර් 21 වන දින උපත ලැබූ ඈන්ලිස් මිෂෙල් (Anneliese Michel)නම් තරුණියගේ ජීවිතය අඳුරු සෙවනැල්ලකින් වැසී ගියේය. සාමාන්‍ය තරුණියකගේ සතුටු සිතුවිලි වෙනුවට ඇය මුහුණ දුන්නේ පැහැදිලි කළ නොහැකි අත්දැකීම්වලටය. 1976 ජූලි 1 වන දින, ඇයගේ තරුණ ජීවිතය හදිසියේම නිමාවට පත් වූයේ බොහෝ දෙනා මවිතයට පත් කරමිනි. ඇගේ මරණය වටා ගෙතී ඇති අභිරහස අදටත් ලොව පුරා කතාබහට ලක්වන්නේ ඇයට යක්ෂ ආවේශයක් සිදු වූ බවට පැතිර ගිය විශ්වාසයත්, එය දුරු කිරීමට ගත් අසාර්ථක උත්සාහයත් නිසාය. 1968 වසරේදී, 16 හැවිරිදි ඈන්ලිස් හට මුල් වරට කිසිවෙකුටත් නිශ්චිතව පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණ පහළ විය. හදිසියේ ඇති වූ ශරීර කම්පන තත්ත්වය වෛද්‍යවරුන් විසින් එපිලෙප්සි ලෙස හඳුනා ගත්තද, කාලයත් සමඟ ඇයගේ තත්වය තවත් දරුණු අතට හැරුණේ කාටත් රහසක් ලෙසිනි. 1970 ගණන්වලදී ඇයට විවිධ මනොබ්‍රාන්ති (hallucinations), අවපීඩනය(,depression) සහ අසාමාන්‍ය හැසිරීම් ඇති වූ අතර, 1973-75 කාලය වන විට ඇගේ රෝග ලක්ෂණ වඩාත් බරපතල විය. ඇය ආහාර ගැනීම අඩු කළාය, ආගමික වස්තුන්ට බ...
Image
කතාව = අත්බූත මාර්ගය (1) රචනය = KLA Arachchige විශ්වාස කරන අයට විශ්වාස කිරීමටද අවිශ්වාස කරන අයට අවිශ්වාස කීරීමට හැකියාව ඇත එහෙනම් අපි දැන් කතාවට යමු. මගේ නම නිමල් මම රැකියාව වශයෙන් කලේ කොලබ නගරයේ ටැක්සි රථ ධාවකයෙකු ලෙස කටයුතු කිරීමයි අතට යම් මුදලක් ලැබෙන තෙක් දිවා රාත්‍රි කාලය නොතකා හයර් යන එක මගේ පුරුද්දක් වුනා . මෙම සිදූවීම සදහා මම මුහුන දුන් කාලය වැසිබර කාලගුණයක් පැවතුනු කාලයකී පස්වරුව වුදාවත් සමග වර්ශාවක් ඇද හැලීම පුරුද්දකට මෙන් සිදු වුනී. වර්ශා කාලය නිසා තරමක් වැඩි වශයෙන් කොලබ නගරය තුල හයර් යෑමට මා හට ලැබුනී එක් දිනක් දහවල් කාලයේ සිට ඇද හැලුන අදික වර්ශාව හේතුවෙන් කොලබ නගරය තරමක් ජලයෙන් යටවී තිබුනී එය ගන්ගාවක් පිටාර ගැලීමන් ඇතිවු ජල ගැලීමක් නොව කොලබ නගරයේ කානු පද්ධතිය අවහිර වීම නිසා අති වු ජල ගැලීමකී ,කෙසේ වුවත් එදා දිනයේ කිසිදු හයර් එකක් යාමට නොහැකී වීම නිසා නිමල් පසු වූයේ දැඩි කනස්සල්ලකිනි. නිමල්= ශික් මේවැස්ස ඉවරයක් නෑ නේ හැමදාම මෙහෙමයි වැස්සත් කමක් නෑ town එක යට වෙන්නේ නැත්නම් පවසමින් නිවසේ හාන්සි පුටුව මත නිමල් ඉද ගත්තේය මොනවද නිමල් තනියම කතා කරන්නේ එක දවසක් හයර් එකක...
Image
මීට අවුරුදු 5කට කලින්, ඒ කියන්නේ 2020 අප්‍රේල් මාසේ එක්තරා සමූහයක තරඟයක් සඳහා ඉදිරිපත් කරපු නිර්මාණයක්. "රතු මැණික" ................................................................................... මම දිනුක පියුමාල්. මගේ පළමු ගුරු පත්වීම කරවිලයාය මහ විද්‍යාලයට ලැබුණේ ඉතිහාසය ගුරුවරයෙක් විදියට. හෙට වැඩ භාර ගැනිමේ දිනය "පුතේ.... පුතේ..... බත් කාලා ඉන්න" "හරි අම්මේ, මම කන්නම්" "පුතා හෙට යන්න කලින් හවසට පන්සල පැත්තේ ගිහින් ආවා නම් හරි නේද? " " ඔව් තව ටිකකින් යනවා අම්මේ" " හා පුතේ පරිස්සමින් පලයන්" මම රෑ වෙන්න කලින් පන්සලට ගිහින් රෑ වෙන්න කලින් අවේ ගමනට රෙදි ලෑස්ති කර ගත්තේ නැති නිසා. පන්සලෙන් එන්න හදද්දී ලොකු හාමුදුරුවෝ අතේ පිරිත් නූලකුත් බැනඳා . " අම්මේ....දවල් හදපු අච්චාරු ටිකකුත් ඔතලා දෙන්නකෝ..එහෙට ගියාම කෑම කොහොම වෙයිද දන්නේ නෑනේ. " හරි පුතේ ඔතලා දෙන්නම්. දැන් නිදා ගන්න." "හරි අම්මේ....ගුඩ් නයිට්." " හා පුතේ ..ගුඩ් නයිට්, බුදු සරණයි." උදේන්ම මම අවදි වුනේ ඇඹිලිපිටිය බස් එකක...
මේක මන් නිර්නාමිකව දාන්න හේතුව මේ සිදුවිම වෙන්නේ මගේම නංගිට නිසා සහ මේ සිදුවීමේ 18+ දේවල් තියෙන නිසා. මේක කියන්න කලින් මට කියන්න ඔනේ දෙයක් තියනවා මේ සිදුවීම් වලට හේතුව නංගිගේ ආදරේ සම්බන්දයක්වත් එහෙම දෙයක් නෙමේ ඒ නිසා එහෙම කියල කියන්න එපා ඒක කන්ෆොම්. හරි කතාව මෙහෙමයි.මගේ නංගි අවුරුදු 24ක සුදු ලස්සන පිරිපුන් කෙල්ලෙක්.වැඩි කතා බහක් නැති දග වැඩ නැති පොඩි කාලේ ඉදන් හරිම කීකරු ලමයෙක් එයා ඉගන ගන්න ගොඩක් දක්ශ කෙනෙක්.හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් මන් උදේ ඇදන් ගියපු ශර්ට් එක ආයේ හවස ඇන්දොත් එහෙම නංගි මට බනිනවා අපිරිසිදුකමට ඉන්න එපා අරකයි මේකයි කියල කතන්දර ගොඩයි ඉතින් මේ ඔක්කොම වෙනස් උනේ හරියටම මීට මාස 8කට විතර කලින්.අපේ ගෙදර ඉන්නේ මායි අම්මයි නංගි අත්තම්මයි විතරයි ....තාත්තා රට ඉන්නේ එයා එන්නේ අවුරුද්දකට මාසයයි .මාත් ගොඩක් රෑ වෙනවා ගෙදර එන්න සමහර දවස් වලට කලින් එනවා.අම්මායි,ආච්චි නංගි ගෙදර ඉන්නේ.ඉතින් අපි හිටියේ ගම්පහ පැත්තට වෙන්න චුට්ටක් ඇතුලට ගෙදරක. ඒ ගෙදරට ප්‍රධාන පාරේ ඉදන් එන්න තියන පාර ගොඩක් පොඩි සහ හරි දුරයි ටවුන් එකට.ඒ නිසා අපි ඒ ගේ විකුනල ඊට ටිකක් ප...
Image
#ම්ට්ට-කොල්ලා........(සත්‍ය සිදුවිමකි ) මේක මගෙ මේ සමුහයෙ පලකරන 4වනි කතාව..මේක උනෙ මගෙ යෙහෙලියකට... හොල්මන් ගැන අවතාර ගැන මුලදි විස්වාස නොකලත් මෙ සිදුවිමත් සමග යම් යම් බලවෙග අපවටා පවතින බවට මට හැගුනා.කොහොම උනත් මෙ කතාවෙන් කාන්තා පාර්ශවයට ලොකු පනිවුඩයක් දෙන්න තමා මට උවමනා ...කතාව පටන්ගමු.. 👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻 මෙ සිදුවිම උනේ හරියටම අවුරුද්දකට කලින්.දෙසැම්බර් මාසයේ. ඇගෙ නම පියුමි .මගෙ යෙහෙළිය .එයාලගෙ ගෙවල් තිබුනෙ අපෙ ගෙදරට ටිකක් උඩහට වෙන්න.හුවක දුර.දිනක් අපි යාලුවො සෙට් එක විනොදාස්වාදය උදෙසා චාරිකාවක් සුදානම් කරා.ඒකාකාරි ජිවන රටාවට තාවකාලික නිමාවක් දිලා අපි නුවර යන්න සුදානම් උනා.මෙ ගමනට 20 පමන යහලු යෙහෙළියන් පැමිනියා.ඉතින් අපි එ දවස් කිහිපය විනෝදාත්මක ලෙස ගතකරලා නිවෙස් බලා එනගමන්. කොහොම හරි හැමොම තෙහෙට්ටු වෙලා හිටියෙ ගමන් මහන්සියට.අපි ගිය බසය අවසානෙට මායි පියුම් විතරයි හිටියෙ .අනිත් අය මුලින් මුලිම් බැස්ස නිසා අපි දෙන්න විතරයි .මධ්‍යම රාත්‍රිය කොහොම හරි දොලහට විනාඩි කිහිපයක් තිබෙන්නට මත්තෙන් අපි බසින තැනට ලගාවුනා.මගෙ තාත්තා තමා ...

මේක මට අද උනේ අපේ පැත්තේ පාලු පැත්තක් තිනෝ එතන කලින් මිනියක් මරල දාලා තිබ්බ වතුර කාණුවක එ පැත්තේ තනියම යන්න බයයි හැබැයි තේ ඉඩම් තිබොත් ඒවා කැලෙට ගිහින්.අපේ ආච්චි දළු කඩන්න යන්න තනියම බය නිසා මට කතා කරා.මාත් එයා එක්ක තනියට ගිය එවෙලේ වහින්නත් වගෙ හෙන පාලුයි මුසලයි අව්වක්වත් නැ 🙂

Image
මේක මට අද උනේ අපේ පැත්තේ පාලු පැත්තක් තිනෝ එතන කලින් මිනියක් මරල දාලා තිබ්බ වතුර කාණුවක එ පැත්තේ තනියම යන්න බයයි හැබැයි තේ ඉඩම් තිබොත් ඒවා කැලෙට ගිහින්.අපේ ආච්චි දළු කඩන්න යන්න තනියම බය නිසා මට කතා කරා.මාත් එයා එක්ක තනියට ගිය එවෙලේ වහින්නත් වගෙ හෙන පාලුයි මුසලයි අව්වක්වත් නැ 🙂 එතන ගරා වැටුණු මඩුවක් තිනෝ මන් එතන වාඩි වෙලා ඉදියා.පොන් එක බල බල.එකපාරටම අමුතු කුණු ගදක් ආවා විනාඩි 3ක්‌ වාගේ තිවිල නැති උනා.දෙවෙනි පාරටත් මේ ගද ආවා මට හරිම ගදයි.ඉක්මනටම නැති උනා එක.එතන හරි අදුරුයි හැබැයි මන් බය නම් නැ.ගෙවල් තියා බල්ලෙක්වත් එ පැත්තට එන්නේ නැ.කොහෙන් ආවද මන්ද එ ගද.ඉක්මනට එ ගද නැති උනත් එක්ක හැබැයි. මැරිලා ඉදියා කියලා මනුස්සයෙක් අපේ ගමේම එකෙක් තමයි.කවුරු හරි මරල දාලා වතුර කණුවට දාලා තිබ්බ.එ ආත්මය සැරිසරනවා එයාගේ ගෙදර අයටත් පෙනිලා තිබ්බ.මන් දේව ගනයේ නිසා මට හොල්මන් ඒවා පෙන්නේ නැ කවදාවත් 😞

මේක මං දන්න අක්ක කෙනෙක්ට වුන කතාවක්.

Image
මේක මං දන්න අක්ක කෙනෙක්ට වුන කතාවක්. එයා මට කිව්ව විදිහටම ඔයාට කියන්නම් මෙයාට පුතාලා දෙන්නයි දුවයි ඉන්නෙ හස්බන්ඩ් ආමි එකේ. එක දවසක් නිදාගෙන ඉන්නකොට හීනෙන් පෙනුනලු ගේ ඉස්සරහ තියන නුග ගහ අපහැදිලි රූපයක් හීනෙන් කියනවලු නුග ගහ යට නිධානයක් තියනවා ඒකෙ උරුමක්කාරයා ඉපදෙන්නෙ උබේ බඩෙන් උබ නුග ගහ යට පහනක් පත්තු කරන්න සූනියම් දෙයියන්ට කියලා අර රූපෙ හීනෙන්ම බොඳ වෙලා ගිහින්. මෙයා වැඩිය ගණන් ඇරන් නැතුව ඉන්නකොට එක දිගටම හීනෙන් පේන්න පටන් ඇරන් උඹ පහන නොතිබ්බොත් ලමයින්ට කරදර එයි කියලා බය කරලා.පහුවදාම ලී වලින් යහනක් හදලා සූනියම් දෙවියන්ට පහන තියලා ඔය කියන නුග ගහයි අපේ ගමේ බෝදින් වහන්සෙයි එහා ගමේ බෝදින් වහන්සෙයි එකට සම්බන්ධයක් තියනවලු ඒ හරහා දේවතා එළි යනවා ඒ අක්කා කිහිප සැරයක්ම දැකලා තියනවා.දෙයියනේ කියලා පහන තියාගෙන ඉන්නකොට ගෙදරට ගැරඩි එන්න පටන් අරන් කාමරේ අස්සෙයි වහලෙ උඩයි හැමතැනම ගැරඩිලු මෙ ඉඩමේ බහිරවයො දෙන්නෙකුත් ඉන්නවලු.නිදානෙ ආරක්ශා කරන නයෙකුත් ඉන්නවලු.ගැරඩි ප්‍රශ්නෙත් පහන තියන් යද්දි අඩුවෙලා ගියාලු . ඔය අක්කගෙ ලොකු පුතා නාහෙට අහන්නෑ අම්මා ගෙදර නැති දවසෙ ගෙදරට ඌරු මස් ගෙනල්ලා උයලා කාලා උයනකොට ගේ වට...

අතුරුදහන් වූ කත

Image
අතුරුදහන් වූ කත (උපුටා ගැනීමකි) ගාල්ලේ අපේ මහ ගෙදර සාංඝීක දානයක් තිබුණු බැවින් මම උදය 9 ට පමන විශ්ව විද්‍යාලයේ සිට ගාල්ල බලා යාමට පිටත්වීමි. කල් වේලා ඇතිව ගෙදර ගිය බැවින් දානයේ කටයුතු සඳහාද සහාය වූවෙමි. දන් වැළඳූ භික්ශූන් වහන්සේලා පින් අනුමෝදන් කරවා විනාඩි 15ක් පමන ධර්ම දේශනාවක්ද කලහ. ගෙදරින් මහා සංඝයා වැඩම කළායින් පසු හැමෝම එකතුව දහවල් කෑමද කෑවෙමු. ඇඳක හාන්සි වූයේ නිදා ගැනීමට නොව මහන්සිය නැතිකර ගැනීම පිණිසයි. එහෙත් සවස 4 පමන වන තුරු හොඳට නින්ද ගොස් තිබුණි. පසු දින උදයේ රැස්වීමකට සහභාගි වීමට තිබුණු බැවින් 4 1/2 ට පමණ කොලඹ යාමට සූදානම් වීමි. ගෙදර හැමෝම රෑ 12 ට ගාල්ලෙන් කොලඹ යන බසයෙන් යන්නට යයි පෙරැත්ත කළ බැවින් නතර වීමි. රෑ 11 1/2 ට පමන සූදනම් වී ගාල්ලේ බස් නැවතුම් පළට පැමිණියෙමි. බසයේ හොඳට ඉඩකඩ තිබුණු බැවින් කෙළවර පසුපස සීට් එකක වාඩි වී පොතක් කියවන්නට වීමි. වරින් වර මගීන් නංවා ගැනීමට බසය නතර කරන සෑම අවස්ථාවක දීම පොතෙන් අවධානය කැඩී ඒ දෙස බැලේ. ඉඳුරුව හරියේදී බසය නතර කළේ මගීන් ගැනීම පිණිසය. රතුපාට සාරියකින් හා රතුපාට හැට්ටයකින් සැරසුණු රූමත් තරුන යුවතියක් බසයට නැංගේය. මේ මහ රෑ තනියම...

මහසෝන් අඩවිය" තුන්වැනි කොටස

Image
මහසෝන් අඩවිය 3: රෑට සරත්ගේ සෙරිනටී හෝල්මන් The Haunting of Sarath in the Deep Forest – Part 3 උදේ අටට පසුව, සෙරිනටී ගස් මැද ආව. ඒ වගේම උඩ, ඔහුගේ මිතුරන් තුන්දෙනා විතරයි පේන්නෙ. මේ සුන්දර බිය - නිසැකවම! ඔවුන් යාච්ඤා මට්ටමින් ගමනකට යන අතර, ගස් හා කැලේ අතර අඳුරු අඩවිවල සෙරිනටී පැත්තට පෙනී යන්නෙ හොරෙන්. ඔවුන් නොදන්නා විදිහට හෝල්මන් කෙනෙක් දැක්කා – පළමුවෙලා පෙනෙනවා, හැබැයි පසුව වඩා දැඩි හා සද්ධාරණ බියක් ගෙනයාම. සමහර විට, ඒ දේවල්ම වෙනස් කරන්න එනවා. මේ දෙවල් සහ ජීවිතය ගෙවී සිටින බව අන්‍යෝන්‍යව හඳුනා ගැනීම - මේ සැබැවින්ම හෝල්මන් බලන්න එනවා. English Summary In Part 3 of the "Mahason Adaviya" series, Sarath and his friends encounter something far darker and more sinister. As they venture deeper into the forest, they feel the presence of a terrifying, unseen force—a haunted entity lurking in the shadows of the jungle. ඔබත් මෙවැනි තවත් බියවතුන් කතා කියවන්න ආසද? මෙතැන ක්ලික් කරන්න – තවත් කතා

දියවන්නාකයේ මියගිය මනෝරියගේ භයානක කතාව The Ghost of the Woman Who Died in Diyawanna – A Terrifying Sri Lankan River Tale

දියවන්නාකයේ මියගිය මනෝරියගේ භයානක කතාව The Ghost of the Woman Who Died in Diyawanna – A Terrifying Sri Lankan River Tale ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දියවන්නා ඔරොත්තුව මත රහසිගතව පවතින භයානක කතාවක් ඔබට කියන්නයි යන්නේ. මේක යතාර්ථය මත පදනම්ව ඇති, බියෙන් අත්පත් වෙන්න සූදානම් වන්න! This is a chilling true story from Sri Lanka’s famous Diyawanna River. It’s said to be haunted by a woman who met a tragic end—and her spirit still lingers. කතානකීර්ණයේ හැඳින්වෙන්නේ 1985 වසරේදී බත්තරමුල්ලේ දියවන්නා ඔරොත්තුව අසළ ජීවිතයෙන් මිදී ගිය කාන්තාවක් පිළිබඳවය. ඇයගේ නම මනෝරි. ඇය දිනකට රාත්‍රියේ පමණ 8ට පසුව ඇයගේ පෙම්වතා සමඟ තරගයක් වී ගංවතුරේ පැනගිය බව කියවේ. ඒ අවස්ථාවේදී ඇයගේ සිරුර සොයාගත නොහැකිවිය. දවසකට ගමන්කළ තරුණයෙකුට ගඟේ ජලය අතර මනෝරියකගේ රූපය දර්ශනය වූ බවත්, ඇය බෑවුමකට ඇද යන ලෙසත් අත්දැකීමන් කියවෙයි. මේ අනන්‍යතාවය පසුව බොහෝ දෙනෙක්ට සිදුවූ අතර, රාත්‍රියේදී එම ප්‍රදේශය අවතැන් වීමට හැකියාවක් නැති බව පැවසේ. English Summary The story of Manori, who drowned in Diyawanna after a fight with her love...

ඈන්ගේ බඩ උඩ, කවුරු හරි ඇත්තටම උඩ පැන්නද? නැත්තම් දෙන්නම හීනයක් දැක්කද

Image
මට ඇත්තටම අත්විදීමට සිදුවූ අමුතු සිදුවීම් කීපයක්ම මම මීට අවුරුද්දක් දෙකකට කලින් fb එකේ ලියලා දාල තිබුනා. එවාට positive and negative comments ගොඩාක් අය දැම්මා. Doctor කෙනෙකුත් මට personal message කරලා මේකයි වෙන්න ඇත්තේ කියල විද්‍යාත්මකවම පැහැදිලි කරල දුන්නා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතී. මේ post එක මම ලියන්නේ ඒ අතරින් විශේෂ කෙනෙක් මට එයාට උන කතාවක් කිව්වා මගේ post එක දැක්කට පස්සේ. එයාගේ අවසරය ඇතුව තමයි මම මේ සිදුවීම ලියන්නේ. කියවන අයට සහ ලියන මට ලේසිවෙන්න මේක එයාමට කියපු විදියටම මම ලියන්නම්. මේ සිදිවීම වෙන්නේ 94-98 කාල වකවානුවෙයි. මගේ පවුලේ මමයි අයියයි නංගී. මට අවුරුදු 19යි. අපි හිටියේ උනවටුනේ. තාත්තා මට අවුරුදු 7 දී නැතිවෙනවා මුහුදු ගිහිල්ලා. අම්මා ඉදිආප්ප හදලා, රෙදි මහලා තමයි දුක්මහන්සියෙන් අපි තුන්දෙනාවම බලාගත්තේ. අම්මා කොච්චර මහන්සි උනත් අපිට උගන්වන්න අයියටයි මටයි ඉගෙන ගන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. පවුලේ තිබුන ප්‍රශ්න හින්දා අපි දෙන්නට ඕන උනේ මොනාහරි කරලා සල්ලී හම්බ කරන්න. අයියයි මමයි මාලු ඇල්ල්ලුවා, හවසට කඩල විකුනුවා, ස්කෝලේ ළමයිගේ කැඩුනු බෑග්ස් මැහුවා. ගොඩාක් වෙලාවට කරේ බීච් එකට එන සු...

සුදු එළිය 👹..04....

Image
සුදු එළිය 👹..04.................... හරි අපි කතාවට පැත්තට යමු දැන් කොහොමහරි කපු මහත්තයා ත් තරහයි වරමත් හිර වෙලා බැරි ම තැන අම්මා වෙන දේවාලෙකට ගියා කිව්වට දේවාල 20ක විතර ගියා හැම දේවලෙන්ම කිව්වේ වරමක් තියෙනවා එක අයින් කරන්න බැ වගේ ම ගෙදර සුනියම් දෙකකුත් (එක හුනියමක් අවුරුදු 20 ක් විතර පරන එකක් ආච්චිලා,සීයලා මැරුනේ එකෙන්) නීච කුල යකුත් ,මල යක්ෂ බන්ධන යකුයි තියෙනවා කියලා ඉක්මනට මේදෙවල් කපලා අයින් කර ගන්න කියලා අම්මා ටත් දැන් මේවා අහලා එපා වෙලා දේවල වල යන එක අත ඇරලා දාලා හිටියා ඉට පස්සේ අවුරුද්දකින් වගේ අපේ මල් ගහෙන් මල් කඩන්න අපේ අල්ලපු ගමේ නැන්දා කෙනෙක් ආවා එයාට ඖෂධ වරමක් එයා යහන දැකලා අම්මා ගෙන් අහලා මේ යහනේ කාටද පහන පත්තු කරන්නෙ කියලා අම්මා කියලා වරමක් ආවා එකයි පහන තිබ්බෙ කියලා කොහොම හරි ඒ නැන්දා ඒ ගෙදර එන්න කිව්වා අම්මා ට මොකද බලන්න මායි අම්මයි තමා ගියේ අම්මා ව එහෙ යහනෙදි ආරුඩ කරා දැං අම්මා ආරුඩෙන් අඩනවා ඉතින් ඒ නැන්දා කිව්වා වරම්ම හිර වෙලා ඔයාගේ. මගේ ගුරා ගාවට යන්න කියලා එයත් අපිට අල්ලපු ගමේ මයි අපිටත් පුදුමයි මේච්චර සුපිරි වැඩ්ඩෙක් තියාගන හතර වටේ දේවල වල ගිය...